Wednesday, November 14, 2012

Katin Pinkama - Lankaramaya - Schofields

සිඩ්නි ලංකාරාමයේ කඨින මහා පිංකම

ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි, ස්කොෆීල්ඩ් හී පිහිටි ලංකාරාම විහාරස්ථානයේ කඨින මහා පිංකම ඉකුත්දා සිඩ්නි හී වාසය කරන ශ්‍රී ලාංකීය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණ. ලංකාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද මීගහකුඹුරේ ධම්මගවේෂි හිමිපාණන්ගේ උපදෙස් පරිදි දින දෙකක් මුළුල්ලේ සිදු කෙරුණ මෙම පිංකමට පරිත්‍රාණ ධර්ම දේශනා, බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පෙරහැර, කඨින චීවර සකස් කිරීම හා පූජා කිරීම, භික්ෂූන් වහන්සේලා විසි නමක් විෂයෙහි දන් පිළිගැන්වීම, බැතිමතුන්ට ආහාරපාන සැපයීම ද ඇතුළත් විය. නිව්සවුත් වේල්ස් හී පිහිටි සෙසු බොදු විහාරස්ථානවලින් භික්ෂූන් වහන්සේලා මෙම පිංකම සඳහා වැඩම කරවූහ. ජායාරූපවලින් දැක්වෙන්නේ එම අවස්ථාවන්ය.

 










 

1 comment: